Skip to content

LANKA TABLOID

Ethical Reporting

Menu
  • මුල් පිටුව
  • දේශීය
  • දේශපාලන
  • විදේශීය
  • විශේෂාංග
  • ක්‍රීඩා
Menu

අරගලය ගැන අලුත් පොතක්..

Posted on ජූලි 20, 2023

“මන්දිර කැළඹූ අරගලය” කෘතිය ඊයේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජනගත වුනා.

එය මුදල් ඇමතිවරයෙකු, අග්‍රාමාත්‍යවරයකු හා ජනාධිපතිවරයකු පලවා හරිමින් පසුගිය වසරේ මෙරට දියත් වූ මහජන අරගලය විග්‍රහ කරමින් පළවන තුන්වන ග්‍රන්ථය වනවා.

මීට පෙර භූපති නලින් වික්‍රමගේ විසින් “අප්‍රේල් නැගිටී ගැන අප්‍රේල් සටහන්” නම් කෘතියක්ද, හිටපු ඇමති විමල් වීරවංශ විසින් ” 9 සැඟවුන කතාව” නමින් කෘතියක්ද ජනගත කෙරුවා.

“මන්දිර කැළඹූ අරගලය” කෘතිය එලිදැක්වීමේ අවස්ථාවට වෘත්තීය සමිති නියෝජිතයන් ,සමාජ ක්‍රියාකාරීන්,සිවිල් සංවිධාන නියෝජිතයන්, පුජ්‍ය පක්ෂය, නිතිවේදින්, රංගන ශිල්පින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශනයක් වන මෙම ග්‍රන්ථය එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්න විසින් ජනගත කරනු ලැබුවා.

Share this:

  • Click to share on X (Opens in new window) X
  • Click to share on Facebook (Opens in new window) Facebook
  • Click to share on WhatsApp (Opens in new window) WhatsApp
  • Click to share on Telegram (Opens in new window) Telegram

Translate:

යටගිය

  • අරගලය ගැන අලුත් පොතක්..
  • බංකොලොත් කමිටුව රැස්වේ.. විපක්ෂයේ කිසිවෙක් නෑ..
  • රෝහලට යන ජනතාවට මිනීපෙට්ටිය උරුම කරන සෞඛ්‍ය බලධාරින් ඉල්ලා අස්වනු.. සුවසිරිපාය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක්..
  • සිමෙන්ති පූජා වැඩි වෙයි.. අනුරාධපුර පූජා නගරයට ඉඳිකිරීම් වදයක් වෙයි..
  • ගෙවන්ඩ බෑ.. ගෙවන්නෙ නෑ.. ජල සම්පාදනයට බිලියන අටක හිග බිල්..

කාණ්ඩ

  • අනෙකුත්
  • ආර්ථික
  • දේශපාලන
  • දේශීය

සං‍රක්ෂිත පුවත්

  • ජූලි 2023
©2025 LANKA TABLOID | Design: Newspaperly WordPress Theme