Skip to content

LANKA TABLOID

Ethical Reporting

Menu
  • මුල් පිටුව
  • දේශීය
  • දේශපාලන
  • විදේශීය
  • විශේෂාංග
  • ක්‍රීඩා
Menu

බංකොලොත් කමිටුව රැස්වේ.. විපක්ෂයේ කිසිවෙක් නෑ..

Posted on ජූලි 20, 2023

රට බංකොළොත් වීමට හේතු සෙවීමේ කමිටුව සිය ප්‍රථම සාකච්ඡා වාරය පෙරේදා (ජූලි 18) පවත්වා තිබෙනවා.

සාකච්ඡාව ආරම්භයේදීම සාගර කාරියවසම් සභාපතිවරයාට විරෝධය පාමින් දෙමල ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානඛ්‍යන් රාසමානික්කම් කමිටුවෙන් ඉවත් වූ බව වාර්තා වුනා.

සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය යන පක්ෂ දෙක කමිටුව වර්ජනය කරන බව ආරම්භයේම ප්‍රකාශකර තිබූ බැවින් ඔවුන් සාකච්ඡාව සඳහා සහභාගි නොවූ බවද වාර්තා වුනා.

රට බංකොලොත්භාවයට පත්වීමට හේතු සොයා බැලීමේ අරමුණින් ආන්ඩුව පත්කරන ලද මෙම කමිටුව පිළිබඳ ආරම්භයේ සිට විවේචන එල්ලවුනා.

විවේචනවලට හේතුව වී තිබුනේ කමිටුවේ සංයුතියයි.

කමිටුවේ බහුතරය සමන්විත වූයේ ජනතා විරෝධය හමුවේ අග්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් අහෝසි වී ගිය, පසුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමති වරුන්ගෙන් සහ එවක ආණ්ඩු බලය හෙබවු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙල මන්ත්‍රී වරුන්ගෙනි.

කැබිනට්ටුවට නායකත්වය දුන් ජනාධිපති වරයාද රට බංකොලොත් කිරීමේ චෝදනාව මත ජනතාව විසින් පලවාහැර තිබීම කමිටුවේ සංයුතිය පිළිබඳ විවේචන උග්‍ර කරවන්නක් වුනා.

මෙම කමිටුවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති නීතිඥ සාගර කාරියවසම් දරන අතර සෙසු සාමාජිකයන් වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න, ඩී.වී.චානක, රංජිත් බණ්ඩාර,
නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ, ජයන්ත කැටගොඩ, ප්‍රදීප් උඳුගොඩ යන මැති ඇමතිවරුන්.

කෙසේ වුවද විවේචන නොසලකමින් හා විපක්ෂ නියෝජනයක් රහිතව පෙරේදා රැස්වූ කමිටුව රට බංකොලොත් වීමට බලපෑ ප්‍රධාන කරුණු 3ක් ඔස්සේ සිය සාකච්ඡාව ගෙනගිය බව වාර්තා වුනා.

ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රට තුළ උද්ගත වු තත්වය, ඊට පෙර රට තුළ පැවති ආර්ථික තත්ත්වය සහ ගෝලීය ආර්ථික අර්බුදය යන කරුණුයි.

ලබන සිකුරාදා කමිටුව යළි රැස්වීමට නියමිත බව ද වාර්තා වනවා.

Share this:

  • Click to share on X (Opens in new window) X
  • Click to share on Facebook (Opens in new window) Facebook
  • Click to share on WhatsApp (Opens in new window) WhatsApp
  • Click to share on Telegram (Opens in new window) Telegram

Translate:

යටගිය

  • අරගලය ගැන අලුත් පොතක්..
  • බංකොලොත් කමිටුව රැස්වේ.. විපක්ෂයේ කිසිවෙක් නෑ..
  • රෝහලට යන ජනතාවට මිනීපෙට්ටිය උරුම කරන සෞඛ්‍ය බලධාරින් ඉල්ලා අස්වනු.. සුවසිරිපාය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක්..
  • සිමෙන්ති පූජා වැඩි වෙයි.. අනුරාධපුර පූජා නගරයට ඉඳිකිරීම් වදයක් වෙයි..
  • ගෙවන්ඩ බෑ.. ගෙවන්නෙ නෑ.. ජල සම්පාදනයට බිලියන අටක හිග බිල්..

කාණ්ඩ

  • අනෙකුත්
  • ආර්ථික
  • දේශපාලන
  • දේශීය

සං‍රක්ෂිත පුවත්

  • ජූලි 2023
©2025 LANKA TABLOID | Design: Newspaperly WordPress Theme