Skip to content

LANKA TABLOID

Ethical Reporting

Menu
  • මුල් පිටුව
  • දේශීය
  • දේශපාලන
  • විදේශීය
  • විශේෂාංග
  • ක්‍රීඩා
Menu

ගෙවන්ඩ බෑ.. ගෙවන්නෙ නෑ.. ජල සම්පාදනයට බිලියන අටක හිග බිල්..

Posted on ජූලි 18, 2023

2023 මැයි මාසය වන විට ජාතික ජලසම්පාදන හා ජලාපවහන  මණ්ඩලයට අය විය යුතු හිඟ බිල්පත්වල වටිනාකම  රුපියල් බිලියන 8 ක් බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසා තිබෙනවා. 

ඉන් රුපියල් බිලියන 7.1 ක් ගෘහස්ථ පරිභෝජනය වෙනුවෙන් අයකරගත යුතු මුදල්.

පූජනීය ස්ථානවලින් අය විය යුතු හිඟ මුදල රුපියල් මිලියන 32 ක්.

පොදු ජල සැපයුම් සඳහා රුපියල් මිලියන 262 ක්.

කර්මාන්ත  යටතේ අය විය යුතු හිඟ මුදල රුපියල් මිලියන 15 ක්.

රාජ්‍ය ආයතන වෙතින් රුපියල් මිලියන 656 ක් අයවිය යුතුව තිබෙනවා. 

 පාරිභෝගිකයින් 90,617 දෙනෙකුගේ ජල සැපයුම  විසන්ධි කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බව නිවේදනයේ සඳහන්. ඒ ජල බිල් නොගෙවීම හේතුවෙන්.

මේ අතර පාරිභෝගිකයින් 5277 කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවද වාර්තා වනවා.

Share this:

  • Click to share on X (Opens in new window) X
  • Click to share on Facebook (Opens in new window) Facebook
  • Click to share on WhatsApp (Opens in new window) WhatsApp
  • Click to share on Telegram (Opens in new window) Telegram

Translate:

යටගිය

  • අරගලය ගැන අලුත් පොතක්..
  • බංකොලොත් කමිටුව රැස්වේ.. විපක්ෂයේ කිසිවෙක් නෑ..
  • රෝහලට යන ජනතාවට මිනීපෙට්ටිය උරුම කරන සෞඛ්‍ය බලධාරින් ඉල්ලා අස්වනු.. සුවසිරිපාය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක්..
  • සිමෙන්ති පූජා වැඩි වෙයි.. අනුරාධපුර පූජා නගරයට ඉඳිකිරීම් වදයක් වෙයි..
  • ගෙවන්ඩ බෑ.. ගෙවන්නෙ නෑ.. ජල සම්පාදනයට බිලියන අටක හිග බිල්..

කාණ්ඩ

  • අනෙකුත්
  • ආර්ථික
  • දේශපාලන
  • දේශීය

සං‍රක්ෂිත පුවත්

  • ජූලි 2023
©2025 LANKA TABLOID | Design: Newspaperly WordPress Theme