Skip to content

LANKA TABLOID

Ethical Reporting

Menu
  • මුල් පිටුව
  • දේශීය
  • දේශපාලන
  • විදේශීය
  • විශේෂාංග
  • ක්‍රීඩා
Menu

‘අස්වැසුම’ආණ්ඩුවට විසුමත් නැතිකරන තැනට පත්වෙලා..

Posted on ජූලි 10, 2023

සමෘද්ධි සහනාධාර අහෝසි කරමින් අලුතින් හඳුන්වා දුන් අස්වැසුම මහජනාධාර ක්‍රමය ආරම්භයේදීම දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්ව තිබේ.

විරෝධතා හා අභියාචනා භාරගන්නා අවසාන දිනය වූ අද දිනට මහජනතාවගෙන් විරෝධතා ලිපි 12000 ක් සහ අභියාචනා නව ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සමාජ ප්‍රතිලාභ මණ්ඩලයට ලැබී ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රමාණය කිසියම් ව්‍යාපෘතියකට අදාලව ඉතිහාසයේ ඉදිරිපත් වූ ඉහලම විරෝධතා හා අභියාචනා ප්‍රමාණය වනු ඇත.

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභින් තෝරා ගැනීමේදී ඇතැම් සුදුසු පුද්ගලයින් තෝරාගෙන නොමැති බව පවසමින් පසුගිය කාල සීමාවේ දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතාද  පැවැත්වුණා.

මේ අතර සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අභියාචනා යොමු කිරීමට තවත් කල් ලබා දිය යුතු බවයි.

සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර  මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අසාධාරණයට ලක් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි.

ක්‍රමිකව දුගී සහනාධාර ප්‍රදානයෙන් රජය ඉවත් වීමේ IMF ඉල්ලීම සම්පූර්ණ කිරීමේ උවමනාවෙන් හඳුන්වා දුන් අස්වැසුම මේ වනවිට ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද නිර්මාණය වන තැනට තල්ලුවී තිබෙනු මෙලෙස දැකගත හැක.

Share this:

  • Click to share on X (Opens in new window) X
  • Click to share on Facebook (Opens in new window) Facebook
  • Click to share on WhatsApp (Opens in new window) WhatsApp
  • Click to share on Telegram (Opens in new window) Telegram

1 thought on “‘අස්වැසුම’ආණ්ඩුවට විසුමත් නැතිකරන තැනට පත්වෙලා..”

  1. සංස්කාරක පවසයි:
    ජූලි 11, 2023 දින 6:13 ප.ව. ට

    මේවා චන්දෙකට කරන බොරු

Comments are closed.

Translate:

යටගිය

  • අරගලය ගැන අලුත් පොතක්..
  • බංකොලොත් කමිටුව රැස්වේ.. විපක්ෂයේ කිසිවෙක් නෑ..
  • රෝහලට යන ජනතාවට මිනීපෙට්ටිය උරුම කරන සෞඛ්‍ය බලධාරින් ඉල්ලා අස්වනු.. සුවසිරිපාය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක්..
  • සිමෙන්ති පූජා වැඩි වෙයි.. අනුරාධපුර පූජා නගරයට ඉඳිකිරීම් වදයක් වෙයි..
  • ගෙවන්ඩ බෑ.. ගෙවන්නෙ නෑ.. ජල සම්පාදනයට බිලියන අටක හිග බිල්..

කාණ්ඩ

  • අනෙකුත්
  • ආර්ථික
  • දේශපාලන
  • දේශීය

සං‍රක්ෂිත පුවත්

  • ජූලි 2023
©2025 LANKA TABLOID | Design: Newspaperly WordPress Theme